gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අය වැය කළුද-සුදුද කියලවත් චම්පික දන්නේ නෑ

විදුලි මෝටර් රථ මිල අඩු කිරීමෙන් මාර්ග තදබදයත්, විදුලි අර්බුදයත් ඉහළ යන බවට ඇමැති චම්පික රණවක කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අය වැය කළුද, සුදුද යන්න පිළිබඳවත් ඔහුට අවබෝධයක් නොමැතිකම බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මෙගා පොලිස් ඇමැතිවරයා ලෙස රටේ උග්‍ර වී ඇති මාර්ග තදබදයට නිසි
විසඳුම් සැපයීම හා මාර්ග පද්ධතිය දියුණු කිරීමේ වගකීම තමාට පැවැරී ඇති බව හෝ තේරුම් නොගන්නා අමාත්‍ය චම්පික රණවක මෙවැනි ප්‍රකාශ කරමින් ජනතා අවධානය යොමු කර ගැනීමට වෙහෙසෙන බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ප්‍රනාන්දු මහතා කියා සිටියේ රණවක ඇමැතිවරයා සිය අමාත්‍යාංශයට වෙන් කර තිබූ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය සේවාවන් සඳහාවත් වියදම් නොකළ පුද්ගලයෙක් බවයි.
රටේ මතු වී ඇති ආර්ථික ව්‍යසනයට චම්පික රණවක ඇමැතිවරයාද ඍජුව වගකිව යුතු බව පවසන ඒ මහතා කියා සිටියේ තම කටයුතු හරියාකාරව කරගත නොහැකි නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීම වඩාත් සුදුසු බවයි.

හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ පසුගිය මැතිවරණයේදී එම කණ්ඩායමේ ප්‍රතිපත්තිය වූවේද සෑම පවුලකටම වාහනයක් හිමි කරදීම ඉලක්ක වූ යෝජනාවක් බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka