gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජගිරියේ මාරක රිය අනතුරකින් රාජකීය සිසුවෙක් මරුට

රාජගිරිය මාදින්නාගොඩ පාර ප්‍රදේශයේදී ඊයේ (12 වැනිදා) අලුයම අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක තාප්පයක ගැටී සිදු වූ අනතුරකින් කැබ් රථයේ ගමන් කළ කොළඹ රාංකීය විදුහලේ ක සිසුවකු මරුමුවට පත්වී තවත් සිසුන් 10 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ අලුයම 1.50 ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් සිව්දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය කියයි.

දහඅට හැවිරිදි පාසල් සිසුවකු කැබ් රථය ධාවනය කර ඇති අතර එම කැබ් රථයේ සිසුන් දසදෙනකු සහ ඊට පිටුපසින් ධාවනය කළ තවත් මෝටර් රථයක පාසල් සිසුන් දෙදෙනකු ගමන් කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මොරගස්මුල්ල දෙස සිට රාජගිරිය දෙසට මෙම කැබ් රථය සහ

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් කැබ් රථයේ රියැදුරු වූ පාසල් සිසුවාට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන අසල නිවෙසක තාප්පයක ගැටී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කැබ් රථයේ පිටුපසින් පැමිණි මෝටර් රථයද ඒත් සමඟම කැබ් රථයේ ගැටී තිබේ. ඉන් මෝටර් රථයේ ගමන් ගත් පාසල් සිසුවකුද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. එම තුවාල ලැබූ සිසුවා මෝටර් රථය ධාවනය කර ඇති බවද පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස්‌ අත්තේ ගල්කිස්‌ස, ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි අමාන් තිමිල් මොහොමඩ් (18) නමැති සිසුවෙකි.
මෙම සිසුන් ප්‍රදර්ශනයක්‌ නරඹා එක්‌ සිසුවකු නිවසට ඇරලවීමට ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත. රථය පැදවූ අයට රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි හෙළිවී තිබේ.
මෙම කැබ් රථයට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක්‌ ද කැබ්රියේ ගැටීමෙන් එම රියෑදුරු ද තුවාල ලබා රෝහල්ගත කළ බව ද පොලිසිය කියයි.

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනයෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බවත් කැබ් රථයේ රියැදුරු වූ පාසල් සිසුවාට රියැදුරු බලපත්‍රයක් ඇති බවත් ඔහුගේ මවුපියෝ වැලිකඩ පොලිසියේ රථවාහන අංශය වෙත දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.
නමුත් එම රියැදුරු බලපත්‍රය ඊයේ (12දා) පස්වරු වන විටත් පොලිසිය වෙත ඉදිරිපත් නොකර තිබූ බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කරයි.
මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් අස්‌මඩල මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka