gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිවුලපිටියේ ගින්නකින් කඩ කාමර 8ක් විනාශයි

දිවුලපිටිය නගරයේ ඔර්ලෝසු කණුව වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ 12 රාත්‍රි ඇතිවූ හදිසි ගින්නකින් කඩ කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අතර රාත්‍රි 9.00 පමණ වනවිට ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබිණි.

රාත්‍රි 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණේ ඉහල මාලයෙන් බව පොලිසිය පවසයි.රෙදිපිලි,  සපත්තු, විදුලි බඩු හා සිල්ලර වෙළෙදසැලක්
මෙන්ම සන්නිවේදන ආයතනයක්ද මෙහි පිහිටා ඇත.

ගින්න හට ගැනීමත් සමඟ පොලිසිය හා ජනතාව එක්ව රෙදිපිලි හා සපත්තු වෙළෙදසැල්වල පහල මාලයේ තිබූ දේපල රැසක් ඉවතට ගැනීමට කටයුතු කරනු ලැබ තිබිනි.

එම වෙළෙදසැල්වලටද ගින්න පැතිර යමින් පැවැති අතර අනෙක් වෙළෙද සැල් ඉබි යතුරු දමා වසා තිබූ නිසා ඒවාට සිදුවූ අලාභයන් දැන ගැනීමට නොහැකිවිය. ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන අතර රාත්‍රි 8.25 වනවිට ප්‍රදේශයේ විදුලි සැපයුම කපා හැරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබීය.

ඉහල මාලයේ පැතිරෙන ගින්න නිසා මාර්ගය අයිනේ පිහිටි විදුලි කණුවල රැහැන් පද්ධතිද හානියට ලක්වූ බව පෙනෙන්නට තිබිනි.පිටතට ගත් දේපළ ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු පියවර ගනු ලැබීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka