එළඹෙන ශ්‍රී ලංකා පිලේ ඉන්දීය ටෙස්ට් තරගාවලි සංචාරයට අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරාගේ සහභාගිත්වය අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාළ තත්ත්වය ඇතිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නම්කර
අනුමැතිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙතින් ලබා ගැනීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය එක් කිරීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අනිවාර්ය කර තිබීම නිසාය.
පසුගිය කාලයේදී අසේල හා කුසල්ට අමතරව ඇන්ජලෝ මැතිවුස් ද ආබාධයකට ලක්ව සිටි අතර මේවන විට ඇන්ජලෝ මැතිවුස් ගේ ශාරීරික යෝග්‍යතාව යහපත්ව ඇති බැවින් ඔහු පමණක් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය ලබන දෙසැම්බර් 10 වැනිදා ආරම්භවීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්වලට එක්කර ඇති අදාළ නීතිය ලබන වසරේ (2018) ජනවාරි 01 වැනිදා සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.
ඉන්දියාවේ ටෙස්ට්වලට අසේල කුසල් නොයයි ?
2017-11-03T10:55:00+05:30
Gossip Lanka Hot News
slide|