වායු දූෂණය හේතුවෙන් පෙණහලු පිළිකා රෝගයට අමතරව වකුගඩු, පිත්තාශය හා බඩවැල් ආශ්‍රිත පිළිකාවන්ට ගොදුරුවී මියයාමේ හැකියාවද සියයට 15 කින් වැඩි බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
ස්‌පාඤ්ඤයේ බාසි ලෝනා නගරයේ "ග්ලෝබල් හෙල්ත්" ආයතනය
විසින් වසර 22 ක් මුළුල්ලේ පවත්වනු ලැබූ මෙම අධ්‍යයනයට අනුව වායු දූෂණයට හේතුවන විෂදුම් කොටස් පෙණහලුවලට ඔබ්බෙන් ඇති වකුගඩු, පිත්තාශය මෙන්ම බඩවැල්වලටද හානි සිදුකර ඒවා පිළිකාවලට ගොදුරු කරන බව හෙළිවී තිබේ.
මෙම අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය මයිකල් ටර්නර්ට අනුව ශරීරයේ කොටස් 29 ක් ආශ්‍රිතව ඇති වන පිළිකාවලින් මියයන්නන් පිළිබඳව මෙහිදී අධ්‍යයනයට ලක්‌කර ඇති අතර එහිදී වකුගඩු, පිත්තාශ හා බඩවැල්වල පිළිකාවන්ට ගොදුරුවී මියයන්නන්ද වායු දූෂණය මත එම තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.
එංගලන්තයේ වායු දුෂණය ඉහල ගිහින් :
එංගලන්තයේ පමණක් සෑම ප්‍රදේශයතම වායු දූෂණය හේතුවෙන් රෝගී මරණ සිදුවන අතර ලෝක සෞඛ්‍ය ආරක්‍ෂණ සීමාවන් ඉක්‌මවා ගිය වායු දූෂණයක් එරට නගර 43 ක පවතින බව මෙහිදී තහවුරුවී තිබේ.
එංගලන්තයේ ඉහළම වායු දූෂණයක් පවතින නගර ලෙස ලන්ඩන්, ග්ලාස්‌ගෝ, ලීඩ්ස් හා බර්මිංහැම් යන නගර හඳුනාගෙන තිබේ.
ලන්ඩනයේ පවතින පාසල් 800 ක් හා ප්‍රධාන රෝහල් ගණනාවක් අධි වායු දූෂණයක් පවතින ප්‍රදේශවල පිහිටා ඇති බවද හෙළිවී තිබේ.
-දිවයින
වකුගඩු පිත්තාශය හා බඩවැලේ පිළිකා අවදානමක්
2017-11-03T09:32:00+05:30
Gossip Lanka Hot News
slide|