gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය ගාස්තුව වැඩි කෙරේ

ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර වෙත කරන ලද ඉල්ලීමට
අනුව ගාස්තු වැඩිකර ඇත.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේදවලට දැනට අය කරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශය කරනු ලබන ඇතැම් විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, අනන්‍යතාව හා ආචාර ධර්මවලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්‍රයටද සිදුවන්නා වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් අමත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි අමත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

කෙසේ වුවද සිංහල, දෙමළ, ඉංග්රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍ය, චිත්‍රපටවල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අය කිරීමෙන් නිදහස් කෙරේ.

එම නව ගැසට් නිවේදනය අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද ටෙලිනාට්‍ය, චිත්රපට හෝ වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන මුදල පහත පරිදි වේ:

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka