gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පූසා එළියට ගත්තේ බයිඩර් අල්ලසක් දීලා ?

නීතී විරෝධී ලෙස විදේශයකින් ආනයනය කරන ලද බළලෙකු මුදා හැරීමට සත්ත්ව හා ශාක නිරෝධායන ආයතනයේ ඉහළ නිලධාරියෙක් වෙළෙඳ පන්තියේ ගුවන් ප්‍රවේශපත් දෙකක අල්ලසක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

 ඉකුත් 03 වැනිදා තුර්කි එයාර්ලයින්ස් බී කේ 730 ගුවන් යානයෙන්
පැමිණි එම ආයතනයේ මෙරට සාමාන්‍යාධිකාරී මූරත් බයිඩර් (Murat Baydar) මහතා රැගෙන ආ බළලා සත්ව හා ශාක නිරෝධායන ආයතනයේ නිළධාරින් විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් මැදිහත් වු සත්ව හා ශාක නිරෝධායන ආයතනයේ ඉහළ නිලධාරිනියක් එම පුසා නිදහස් කරන ලෙසට එම එකකයේ නිලධාරීන්ට නියෝගකර තිබේ.

ඇය එසේ කර ඇත්තේ ආදාළ ගුවන් සමාගමෙන් ඇයට ලෝකයේ ඕනෑම රටකට යාමට අවශ්‍ය වෙළද පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර දෙකක් ලබාදීමට වූ පොරොන්දුව මත යැයි පැවසේ.

කෙසේවුවද, පසුගිය 07 වැනිදා කොරියාවේ රැකියාවකට ගොස් සිට නැවත පැමිණි ලාංකිකයකු ද ඔහු එහිදී සුරතලයට ඇති කළ සුණඛයින් දෙදෙනකු රැගෙනවිත් ඇති අතර එම සතුන් දෙදෙනා සත්ව හා ශාක නිරෝධායන ආයතනයේ භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධෙන් අප පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධයක්ෂ ආර්.එම්.ආරියදාස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මොරාක් බයිඩා මහතා ඔහු රැගෙන ආ බළලා සම්බන්ධයෙන් කලින් දැනුවත් කිරීමක් කර තිබූ බවත් සිය කාර්යමණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් අදාළ බළලා අත්අඩංගුවට ගත් බවයි.

කෙසේවුවද, කොරියාවේ සිට පැමිණි අය එවැනි පෙර දැනුවත් කිරීමක් කර නොමැති බවයි.

(සතුන් ආනයන හා අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙත සිදුවන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහාය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka