gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ගිනි තියලා මරන්න බැරි වුණාම මන්ත්‍රීකම නැති කළා' - ගීතා

ගිනි තියා මරණ්නට බැරිවූ තැන තමන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කළ බව ගීතා කුමාරසිංහ පවසයි.

ඇය ඒ බව පැවසුවේ ඊයේ (12) දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති ආණ්ඩු විරෝධී ජන රැළිය අමතමිනි. ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුවීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී
ධුරය අහිමි කෙරුණු ගීතා කුමාරසිංහ එම රැළිය අමතා කතා කොට තිබුණේ මහින්ද රාජපක්ෂගේ ආරාධනයක් අනුවය. එහිදී ඇය කළ කතාවේදී මෑතකදී ඇයට මුහුණ දීමට සිදුවූ ගිනි අනතුරද ආණ්ඩු පක්ෂයේ පලිගැනීමේ ක්‍රියාවක් ලෙසින් හුවා දැක්වීය.

එහෙත් සති කිහිපයකට පෙර පලවූ මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කෙරුණේ ඇගේ නිවෙසේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ තුවලා ලබා රෝහල් ගත කෙරුණු බවය. එම අනතුරෙන් ඇයගේ උදර ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවද මාධ්‍ය වාර්තාවල විය. ඒ වන විටත් ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභායාචනාධිකරණය විසින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කොට තිබුණද එම අධිකරණ නියෝගයට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබුණු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කොට නොතිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් සතියේය. එමගින්ද අභියාචනාධිකරණ තීන්දුව අනුමත කොට තිබිම හේතුවෙන් ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka