gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බනිස් ඇතුළෙ බීඩි

කොළඹ - පේරාදෙණිය පාරේ ඊරියගම හන්දියේ ප්‍රසිද්ධ බේක්‌ හවුස්‌ ආයතනයකින් මිලදී ගත් ඩොට්‌ බනිස්‌ ගෙඩියක්‌ තුළ තිබූ බීඩියක්‌ පස්‌හැවිරිදි දැරියකට කැවී තිබේ.

මේ හේතුවෙන් දැරියට වමනය ගොස්‌ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියාවන පේරාදෙණියේ සමන්ත
කුමාර මහතා විසින් පාරිභෝගික අධිකාරියේ නුවර ශාඛාවට පැමිණිල්ලක්‌ ද කර තිබේ.

සිද්ධිය ගැන විස්‌තර කළ දැරියගේ පියා,

"අපි පසුගිය 27 වැනිදා හවස බේක්‌හවුස්‌ ආයතනයෙන් ඩොට්‌ බනිස්‌ 4 ක්‌ මිලදී ගත්තා. ඒ බනිස්‌ එකෙන් එකක්‌ දුව කන්න ගත්තා. එක්‌වරම දුව වමනය කරන්න පටන් ගත්තා. පස්‌සේ බනිස්‌ ගෙඩිය පරීක්‍ෂා කරලා බලනකොට ඒ තුළ බීඩියක කොටයක්‌ තිබුණා. පස්‌සේ අපි ඒ තැනට ගියා. ඒ ගිහින් කැෂියර්ට කිව්වාම ඒ අය කිව්වා ඔයාලා පුළුවන් දෙයක්‌ කරන්න කියලා. අපි ගෙදර ඉඳන් කතා කළාම කිව්වා අපිට බනිස්‌ ගෙඩිය ගෙනත් දෙන්න රුපියල් දහදාහක්‌ දෙන්නම් කිව්වා. මේ සිද්ධිය ප්‍රසිද්ධ කරන්න එපා කියලත් කිව්වා. පස්‌සේ මම එදාම හවස නුවර පාරිභෝගික සේවා අධිකාරියට ගිහින් පැමිණිලි කළා".

"බේකරිවල වැඩ කරන කොට ඒ සේවකයෙක්‌ගේ බීඩියක්‌ මේ තුළට වැටෙන්න ඇති කියලා හිතනවා. මෙවැනි සිද්ධීන්වලදී පාරිභෝගික අධිකාරිය දැඩිව කටයුතු කළ යුතුයි. මගේ දුව වමනය කළා. පස්‌සේ අපි බෙහෙත් අරන් දුන්නා". යනුවෙන් අදහස් දැක්වීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka