gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් තැබූ මුල්ගල එදා රෑම කඩලා

අම්බලන්තොට බරවකුඹුක ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනය පහසු කරවීම උදෙසා මාමඩල ප්‍රධාන බස්නාව හරස් කර ලක්ෂ 390කට අධික මුදලක් වැය කර ඉදිකිරීමට නියමිත පාලම සඳහා පසුගිය 30 වැනිදා පෙරවරුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තබනු ලැබූ මුල් ගල එදිනම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා දමා තිබේ.

ප්‍රදේශයේ සිදුවන සංවර්ධනය උදෙසා අකුල් හෙළන පිරිස් දේශපාලන
පළි ගැනීම් උදෙසා මෙවැනි දේ සිදුකරන බව ඒ වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී දකුණු පළාත් සභා මන්ත්‍රි ටී.වී.කේ. ගාමිණි පැවැසීය.

කෙසේ නමුත් මුල් ගල කඩා දමන අවස්ථාවේ ඇසින් දුටු පිරිස් ද සිටින බවත් ඒ සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසියේද පැමිණිල්ලක් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.


හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka