gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව මැතිවරණ ක‍්‍රමයට අද අත්සන් ත

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (01) අත්සන් තැබීමට නියමිතය.

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසෙනු ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි
මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අද දිනය තුළ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
මෙතෙක් පළාත් පාලන ඒකක දෙකක් ලෙස පැවැති නුවරඑළිය දිස්ත‍්‍රික්කය ඒකක 6කට බෙදා වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලනය සම්බන්ධයෙන් පැවැති ගැටලුව ද ඊයේ (31) අවසන් විය.

ඒ අනුව නුවරඑළිය බලප‍්‍රදේශයට කොටගල සහ ආගරපතන ලෙස අලුතින් ප‍්‍රාදේශීය සභා දෙකක් එක්වේ. නොර්වුඩ් සහ මස්කෙළිය ලෙස අලුතින් බලප‍්‍රදේශ දෙකක් එක්වන්නේ අඹගමුව බල ප‍්‍රදේශයටයි.

කෙසේවෙතත් මෙතෙක් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට අයත්ව තිබූ ශ‍්‍රී පාදස්ථානය මේ හේතුවෙන් තම ප‍්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව පවසමින් ප‍්‍රදේශවාසීන් ඊයේ දිනයේ ද විරෝධතාවල නිරත විය. එහිදී කන්ද උඩරට ප‍්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය  ශ‍්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයටම ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය.

නව තීරණයට විරෝධය පළකරමින් පිරිසක් ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සූදානම් වන අතර එසේ වුවහොත් යළිත් පළාත් සභා මැතිවරණය කල්යාමට ඉඩ ඇත්දැයි මාධ්‍ය කළ විමසීමකදී  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් විමසීය.

අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹුණහොත් එහි ප‍්‍රතිඵල ලැබෙන කාලය පිළිබඳ නිශ්චිතව කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව එහිදී ඔහු පැවසීය.

මේ අතර අම්පාර කල්මුණේ සයින්දමර්දු ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන හර්තාල් ව්‍යාපාරය දෙවන දිනටත් ඊයේ කි‍්‍රයාත්මක විය.

වසර 1987දී කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයේ පිහිට වූයේ සයින්දමර්දු ඇතුලු ප‍්‍රදේශ කිහිපයක් සම්බන්ධ කරමිනි. හර්තාලයට එක්වූවන් පවසන්නේ තමන්ට කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයෙන් වෙන්වීමට අවශ්‍ය බවයි.

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී කල්පිටියේ ජනතාව වෙත අසාධාරණයක් සිදුව ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka