gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනෝමා ජිනාදරීට ජාත්‍යන්තර සම්මානයක්

‘ආසියානු ලෝක සිනමාවේ කවුළුව’ යනුවෙන් හැඳින්වෙන ආසියානු චිත්‍රපට උළෙලේ විශිෂ්ටතම කාන්තා ප්‍රධාන රංග භූමිකාවට හිමි සම්මානය මෙවර දිනාගනු ලැබුවේ ලංකාවෙන් බිහිවූ අතිදක්ෂ චරිතාංග නිළියක වන අනෝමා ජනාදරී විසිනි.

තුන්වැනි වතාටට මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වුණේ ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ය.

සිනමා උළෙලේ අවසන් තිරගත කිරීම ලෙස සටහන් වූයේ ද අනෝමා ජනාදරීගේ එම විශිෂ්ට රංගනය ඇතුළත්, සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ‘බර්නින් බර්ඩ්ස්’ (Burning Birds) හෙවත් ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයයි.




1989 වසරේ ලංකාවේ නැගෙනහිර පළාතේ ජීවත් වන කුසුම් නමැති ගැහැනිය, ඇගේ සැමියා ව පැහැරගෙන යාමෙන් පසු පැරාමිලිටරි භටයන් විසින් වධහිංසාවට ලක් කර අපහරණය කරනු ලබයි.

37 හැවිරිදි කුසුම් ඇගේ දරුවන් අට දෙනා මෙන්ම ඇගේ නැන්දණියගේ ද කුස පිරවිය යුතු වන්නීය. රස්සාවක් සොයාගැනීමට කරන අසාර්ථක උත්සාහයන් ගණනාවක් අතරවාරයේ ඇය කායිකව සහ ලිංගිකව නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක්වන්නීය.

අවසානයේ කුසුම් නතර වන්නේ ගණිකා වෘත්තියෙනි.

පොලිසිය ඇයව ගණිකා මඩමකදී අත්අඩංගුවට ගනියි. මේ සිද්ධිය ඇගේ දරුවන්ගේ පාසල් ගමනට දැඩි සේ බලපායි. එයින් පසු ඇය තෝරාගන්නා පළිගැනීම මුසු වූ ජීවිතය දැවෙන විහඟුන් චිත්‍රපටය පුරා දිවෙයි. මේ චිත්‍රපටයේ ඇගේ එක් දියණියක් ලෙස රංගනයෙන් එක් වන්නේ සමනලී ෆොන්සේකා ය.



1998 වසරේ තිරගත වූ අශෝක හඳගමගේ චන්න කින්නරී චිත්‍රපටය හරහා ලාංකේය සිනමාගමනය සිදුකළ ඈ, 2003 වසරේ දී ද හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය වෙනුවෙන් 16 වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද ‘ආසියානු රිදී තිරයේ හොඳම නිළිය’ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.

පසුකාලීනව, රංගන ක්ෂේත්‍රයේදී නළුවරණයේ පටන් සම්මාන උළෙලවල නියෝජනය දක්වා ක්‍රියාදාමය තුළ දේශිය නිළියන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ නොබියව හඬ අවදිකරන ගැහැනියක් ක්‍රියාකාරිනියක් බවට පත්වූ අනෝමා ජනාදරී දිගින් දිගටම කියා සිටියේ තමන්ගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ සම්මානලාභී සහ ආදායම් වාර්තා බිහිකළ රංගනය වෙනුවෙන් සඳහා ලැබිය යුතු ගෙවීම් පවා තමන්ට නොලැබුණු බවයි.



මෙම 2017 ආසියානු සිනමා උළෙලේ සම්මානය පිළිගැනීම සඳහා ඇය උළෙලට සහභාගි වී සිටියේ නැත.

මේ අතර ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ තමන් මෙම සම්මානය පිළිබඳ දැනගත්තේ නළු දසුන් පතිරණ විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් නිසා බවයි.

ඒ සමගම, “මගේ හොඳම නිළිය සම්මානය ගන්න ලොස් ඇන්ජලීස් නගරයට යන්න මට ටිකට් එකක් එවන්න කියලා, ඇයි අධ්‍යක්ෂකවරයාට කියන්න බැරි...?” යනුවෙන්ද සටහන් කර තිබිණි.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජීව පුෂ්පකුමාර විසිනි.

අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු ආදී නළු නිළි කැළක් මෙහි රංගනයෙන් එක් වෙති.

(ලංකා නිව්ස් වෙබ්අ - මාලි ජයවීර)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka