ඇමරිකාවට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන අහෝසි කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානූ ජනාධිපතිවරයා විසින් එම වැඩසටහන අත්හිටුවීම සඳහා
කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොංග්‍රස් මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවයි අමෙරිකානු මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
නිව්යෝර්ක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු ග්‍රීන් කාඩ් ක්‍රමයට අමෙරිකාවට සංක්‍රමණය වූවකු බවට අනාවරණ වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවද වාර්තා පළ වනවා.
මෙම ග්‍රීන්කාඩ් වැඩසටහන ශ්‍රී ලංකාව සඳහාද විවෘතව පැවැතියා.
ඇමරිකාව ග්‍රීන් කාඩ් අහෝසි කරයි
2017-11-02T14:53:00+05:30
Gossip Lanka Hot News
slide|