gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව සමග පැවති පළමු 20යි 20 තරගයේ ජයත් පකිස්ථානයට

පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගත්තේ ය.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් පකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු
දෙනා පන්දුවාර 18යි පන්දු 3කදී ලකුණු 102 කට දැවී ගියේ ය.

ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 7 බිඳ වැටුණේ, ලකුණු 68කදී ය.

ලකුණු 51කදී ශ්‍රී ලංකා 3 වන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව කඩුලු 5ක් ලකුණු 15ක් තුළ බිඳ වැටිණි.

ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුට පමණි.

සදීර සමරවික්‍රම හා සික්කුගේ ප්‍රසන්න ලකුණු 23 බැගින් රැස් කළහ.

හසන් අලී ලකුණු 23 ට කඩුලු 3යි.

මොහෙමඩ් හෆීස් හා උස්මාන් ඛාන් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

පකිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 18කදී ය.

අනතුරුව අහමඩ් ශෙසාඩ් සහ ශොයිබ් මලික් 3 වන කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ගොඩනැගූහ.

ශෙසාඩ් ලකුණු 22යි.

ශොයිබ් මලික් සමග එක් වූ මොහොමඩ් හෆීස් පකිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

මලික් පන්දු 31කින් ලකුණු 42ක් රැස් කළ අතර මොහොමඩ් හෆීස් ලකුණු 25යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 7 දෙනෙකු යොදා ගත් අතර කඩුලු දවා ගැනීමට සමත් වූයේ, විකුම් සංජය සහ සචිත් පතිරණ පමණි.

සංජය පන්දුවාර 4ක් තුළ ලකුණු 20 ට කඩුලු 2ක් බිඳ හෙළුවේ ය.

පතිරණ ලකුණු 25ට කඩුලු 1යි.

පකිස්ථානය පන්දුවාර 17යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

තරගයේ වීරයා උස්මාන් ඛාන්.

තරගාවලියේ දෙවන තරගය අද රාත්‍රී 9.30 ට අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිත ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka