gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‍නැති ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

දැනට කෙටුම්පත් වී නොමැති ව්‍යවස්ථාවක් හා එහි අන්තර්ගතය ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න වරමක් ඉල්ලපු වේලාවේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒකේ කිව්වා. ඒකෙන් ව්‍යවස්ථාවට වරමක් දීලා තියෙනවා. ඊට පසුව පැවති මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම කියලා තියෙනවා ඒකීය රාජ්‍යයක් ලෙස මේ රට පිළිගන්නවා කියලා. එතකොට එම වරමම ඒකීය රාජ්‍යයක් සදහා ලබා දීලා තියෙනවා.ඒ නිසා ෆෙඩරල් රාජ්‍යයක් හෝ ෆෙඩරල් ගේන එකේ කතාවක් නෑ. මේක සම්පූර්ණ අමූලික කෙප්පයක්.නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක්.දැනට ව්‍යවස්ථාවක් නෑ. තියෙන්නේ පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂ වල එකතුවෙන් හැදුනු වාර්තාවක් මිසක් ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා නෑ. විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් හදන්න දුන්නු වරමේ තියෙනවා ඒකීය භාවය පිළිගන්නවා කියලා.

ඒ නිසා ඒකීය භාවය අතහරින්න අපි කාටවත් අයිතියක් නෑ. එක්සත් ජාතික පක්ෂයක් ඒකීය භාවය පිළි අරගෙන තියෙනවා. දැනට තියෙන ව්‍යවස්ථාව අනුව උනත් සම්බුද්ධ ශාසනය ප්‍රවර්ධනය කිරීම ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා 70% කට ආසන්න බෞද්ධයෝ ඉන්න මේ රටේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ කියන එකේ අඹමල් රේණුවක තරම්වත් වෙනසක් වෙන්න බෑ. ඒ වගේම අනෙකුත් ආගම් අදහන අයට තමන්ගේ ආගම නිදහසේ ඇදහීමේ අයිතියත් ඒ විදිහටම රැකෙන්න ඕනේ. ඒ අනුව ඒකීය භාවය නැති කරලා ෆෙඩරල් ගේන ඒක. බුද්ධාගමට තියෙන තැන නැති කරනවායි කියන එක පට්ටපල් බොරුවක් . ඒ තැනි දෙක නැති කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ යැයි පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka