gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට යයි

ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විදේශ ගමන් වහා සීමා කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කොට තිබේ.

ඇමැතිවරුන් දිගින් දිගටම සිදු කරන විදෙස් සංචාර හේතුවෙන් ආණ්ඩුවේ කටයුතු මෙන්ම පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේදී ඇති වන ගැටලු
සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙලෙස විදෙස් සංචාර සීමා කරන ලෙසට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අඩුවී තිබීම ගැනද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

විදෙස් සංචාර සීමා කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විදෙස් සංචාර හේතුවෙන් ඇමැතිවරුන් සමඟ රජයේ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට හා තීන්දු තීරණ ගැනීමට තමා විසින් යොදා ගත් දින පවා වෙනස් කිරීමට සිදුව තිබෙන බවයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට කැඳවා තිබු විශේෂ රැස්වීමට පවා සහභාගී ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පමණි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka