ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය නෞකාවක් අනතුරට පත්ව තිබේ.
එහි සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනෙකු මේ වනවිට මුදාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් ඔවුන් ගාලු වරායට රැගෙනවිත් තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් ලංකානාත දිසානායක මහතා
පැවසුවේ ඉන්දියාවේ සිට මාලදිවයින බලා යාත්‍රා කළ නෞකාවක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය.
ගාල්ලේ සිට මුහුදු සැතපුම් 65ක පමණ දුරින් එම අනතුර සිදුව තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරට ත් සඳහන් කළේ, බේරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට භාර දීමට නියමිත බව ය.
ගාලු මුහුදේදී ඉන්දීය නෞකාවක් අනතුරට පත් වෙයි
2017-10-21T10:38:00+05:30
Gossip Lanka Hot News
slide|