gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව අඛණ්ඩව 11 වැනි එක්දින ක්‍රිකට් තරග පරාජයත් ලබයි

ශ්‍රී ලංකාව සමඟ පැවැති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගය ද පකිස්ථානය ඊයේ කඩුලු 7 කින් ජය ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන ක්‍රීඩකයින් පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී නියමිත ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 11 වැනි එක්දින ක්‍රිකට් තරග
පරාජය වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක උපුල් තරංග තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 91 ක් තුළදී බිඳ වැටුණි.

එක්දින දිවියේ 20 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලහිරු තිරිමාන්න ලකුණු 62 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 173 ක් පමණි.

හසන් අලී ලකුණු 37 ට කඩුලු 3 ක් දවා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 58 ක් තුළදී බිඳ වැටුණි.

අනතුරුව බාබර් අසාම් සහ ෂොයිබ් මලික් එක්ව ලකුණු 119ක නොබිඳුණු සබඳතාවයක් සමගින් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රාහණය කරා රැගෙන ගියේය.

බාබර් අසාම් සහ ෂොයිබ් මලික් නොදැවී ලකුණු 69 බැගින් ලබා ගත්තේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka