gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති සියළුම මුද්‍රිත මාධ්‍ය වලට දෙහි කපයි - (Video)

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි - මල්වතු කාරක සභා මහා සංඝ සභාව ඊයේ ගත් තීරණය පිළිබදමාධ්‍ය පළ කළ  වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකදි අදහස් පළ කළා.

කවුද ජනතාව නොමග යවන්නේ. විශේෂයෙන් මම දැක්කා අද පත්තර හැම එකේම.
ඔය ගොල්ලෝ ඔක්කොම දාලා තිබුණා මල්වත්තේ මහනායක ස්වාමින්වහන්සේගේ පින්තුරේ දාලා  තිබුණා නේද. මල්වත්තේ මහ නායක ස්වාමින්වහන්සේ ඒ ඔක්කොම පත්තර ගෙන්න මට දැන්. ලංකාවේ නැහැ. මම කතා කලද ඉතිං කොහොමද ඒ පින්තුරේ එන්නේ. මට අහලා කියනවාද දැන්. ඒක නොමග යැවීමක් නේද. මොකද මල්වත්තේ ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අදහස් යොදා හොදට ප්‍රකාශ කරලා තිබුණා. තාම ව්‍යවස්ථාවක් නැහැ. ජනාධිපතිතුමායි මම කියන දේයි පිළිගන්නවා කියලා. ඕක කැඳෙව්වේ දියවඩන නිලමේ නම් මෙයාගේ පින්තුරේ දාන්න ඕන ඔතෙන්ට. මෙයාගෙනුත් මම  අහන්න යනවා. මේ පිළිබද මම කියන්නේ ඉතිං නොමග යවන්න එපා.

මහ නායක ස්වාමින් වහන්සේ මොකක් හරි කියනවානම් පක්ෂව හෝ විරුද්ධව දාන්න. නැති වෙලාවේ දාන්නේ ඇයි. එතකොට අපිට මේක ප්‍රශ්න කරන්න තියෙනවා නේද? ඇයි මේ මාධ්‍ය බොරු කරන්නේ කියලා. දැන් මම මාධ්‍ය අය කැඳවලා අහනකොට මොකක්ද කියන්නේ ඔයගොල්ලෝ. දැන් මේකේ යනවා අද හැන්දෑවෙනකනුත් නෙමෙයි අද දවල් වෙනකොට මං කියනවා පුළුවන් අයට දාන්න කියලා. දැන් මට අහලා කියන්නකෝ එඩිටර්ගෙන්. කොහෙද ඉන්නේ කියලා මල්වත්තේ ස්වාමින්වහන්සේ. ......දැන් මේක ලිව්වාම මොකක්ද වෙන්නේ. දැන් මගේ කතාව දාන්නේ ප්‍රන්ඩ් පේජ් එකේද අන්තිම පිටුවේද.

මගේ එක ඉස්සෙල්ලාම දානවාද ඊයේ දුන්නේ මේකම මොකද මටත් දෙන්න ඕනෙනේ. මොකද මල්වත්තේ මහනායක නැති තැන දැම්මානම් අගමැතිවරයා ඉන්න තැන අපිට දෙන්න ඕන හෙඩ්ලයින්. මොකක්ද මේ සෙල්ලම. ජනතාව වරමක් දුන්නානම් දැන් ඔයගොල්ලේ කියන්නේ ජනතා වරම ක්‍රියාකරන්න එපාද  ආ මේ තියෙන්නේ නව ව්‍යවස්ථාවට මල්වතු අස්ගිරි කියලා මල්වත්තේ මහ නායක හාමුදරුවොයි අස්ගිරියේ මහානායක හාමුදුරුවොයි දාලා. දෙන්න මේ. දෙන්නම ගිහිල්ලත් නෑ. දෙනනම ගියේ නැහැ. මල්වත්තේ මහනායක ලංකාවෙත් නැහැ.  වෙන කවුද? NO NEED FOR A NEW CONSTITUTION මේක මෙතන දාලා තියෙනවා  මල්වත්තයි අස්ගිරියයි මහ නායක ස්වාමින්වහන්සේ  දෙනමම ගියේ නැහැ. මල්වත්තේ ස්වාමින්වහන්සේ ලංකාවේ නැහැ. දැන් ඉතිං ඕවා ගිහින් කියන්න



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka