gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දය ජනවාරියත් පනී

පළාත් පාලන ඡන්දය ජනවාරි මාසයේ පැවැත්වීමට බාධාවක්‌ වන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවලට අලුතින්
නාමයෝජනා කැඳවීම සඳහා සහ ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා විධිවිධාන සැලස්‌වීමට අදාළ පනත් කෙටුම්පතය.

මෙම පනත් කෙටුම්පත නිසා පළාත් පාලන ඡන්දය ජනවාරි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

යම්කිසි පාර්ශ්වයක්‌ මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට ගියොත් කලින් එකඟවූ පරිදි ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නොහැකිවනු ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඉහත ප්‍රාදේශීය සභා දෙක සඳහා ස්‌ථිර කර ගත් ඡන්ද විමසීමේ දින අපේක්‌ෂිත සහ හදිසි අවස්‌ථා ගත කරුණු මත කලින් කලට කල් දමා ඇතැයිද මේ වන විට එම නාමයෝජනා දුන් අය මියයැම හෝ අවතැන්වීම හෝ පක්‌ෂය වෙනස්‌ කිරීම හෝ විදෙස්‌ ගතවී සිටීම නිසා මෙන්ම ඒවන විට වයස අවුරුදු තිස්‌ පහට අඩු විය යුතුව තිබූ අපේක්‍ෂකයින් මේ වන විට අවුරුදු තිස්‌පහ ඉක්‌මවා ඇතැයිද පනත් කෙටුම්පතේ දැක්‌වේ. මේ නිසා එම ප්‍රාදේශිSය සභා සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට විධිවිධාන සැලැස්‌විය යුතු බවද පනත් කෙටුම්පතේ දැක්‌වේ.

මෙම පනත් කෙටුම්පත ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉදිරි දිනයේ එය විවාද කරන බව සභානායකවරයා දැනුම් දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka