gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඉන්දියාව දැනටමටත් බය වෙලා" ‌ඉන්දියාවේ නිෂ්පාදීත ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවට ගෙන්වීම සීමා කරයි ?

ශ්‍රී ලංකා රජය ලබා ගැනීමට නියමිත යැයි සදහන් තීරණයකට ඉන්දී‍ය මාධ්‍ය ඉහල අවධානයක් ලබා දෙමින් වාර්තා කර තිබුනා.
එනම් ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාවට ආනනය සීමා කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධාන‍‍ය යොමුව ඇතැයි යන පුවතයි,

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිදු කළ ප්‍රකාශයක් උපුටා
දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කරනවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට දරා ගත නොහැකි ආකාරයට  ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාව තුළ පවතින බවත් එය බොහෝමයක් මාර්ග අනතුරු සඳහා හේතුවක් වී ඇති බවත්ය.
“ අපිට මිලියනකට අධික (මිලියන 1.2ක) ත්‍රි රෝද රථ මාර්ගවල තිබෙනවා. මීට වඩා ත්‍රි රෝද රථ මාර්ගයන්ට දරා ගන්න බෑ. සිදුවන මාරාන්තික අනතුරුවලදී 18%ක් පමණ ත්‍රිරෝද රථ හේතුවෙන් සිදුවෙන්නේ” යැයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුනා,

යම් හෙයකින් ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ ආනනය කිරීමට සීමා පැනවුවහොත් එය ඉන්දීය ත්‍රිරෝද රථ කර්මාන්තයට එය විශාල පාඩුවක් වනු ඇති බවත් , එම නිෂ්පාදන සමාගම් වල සේවය කරනා ඉන්දීය ජාතිකයන්ගේ රැකියා පවා අනතුරේ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා, ඉන්දියාවේ ත්‍රීරෝද රථ කර්මාන්තයේ ප්‍රධාන අපනයනකරු ශ්‍රී ලංකාව වන අතර , ශ්‍රී ලංකාව සෑම වසරකදී ත්‍රී රෝද රථ හා එම රථ වල අමතර කොටස් වෙනුවෙන් ඉන්දියාවට ලබා දෙන මුදල අති විශාලයි.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka