gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිල අධික රංගශාලා පාසල්වලට තහනම්

පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන් කරගැනීමේදී ඇතැම් පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන් කරගැනීම අවම කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ බොරැල්ල රත්නාවලී බාලිකා
විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට (19) එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කරන්නට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් ලබාදී ඇති බවද ඔහු එහිදී පැවසීය

අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේදී මවුපියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වයට වහා විසඳුම් යෙදීමට පියවර ගන්නා බවද කීය.

මේ අතර පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවලදී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද  පැවසීය.

එමෙන්ම එවැනි විකල්ප, වාසිදායක ක්‍රමවේද හඳුනාගැනීමට පාසල් ප්‍රධානීන් සමත්විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

(දිණමිණ පුවත්පත ඇසුරිණි)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka