gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි 3ක ලිහිසි තෙල් වංවාවක් !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ආනයනය කරන ලද රුපියල් දස ලක්ෂ 30කට අධික වටිනාකමක් ඇති කල් ඉකුත්වූ ලිහිසි තෙල් තොගයක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

අදාළ ලිහිසි තෙල් මෙරට භාවිතයට නොගන්නා වර්ගයක් හේතුවෙන් ඒවා ගබඩාකර තිබී ඇත.

ටෙන්ඩර් මගින් මෙම ලිහිසි තෙල් ලීටර් 31,000ක් අළෙවි කිරීමට පියවර
ගෙන තිබූ බවත්, පසුව එයද අවලංගු කර ඇති බව පැවසේ.

කෙසේවුවද, මේ තෙල් තොගය ගබඩා කර තිබී ඇත්තේ සපුගස්කන්ද පිරිපහදුවේ කැලෑවැදුන ගොඩනැගිල්ලකය.

අදාළ, තෙල් තොගය කල් ඉකුත්වූ ඒවා වන අතර බොහෝ විට මේවා වෙනත් තෙල් සමඟ කවලම්කර විකුණන්නට ඇති බවට සැකකෙරේ.

මෙරට භාවිතා නොකරන එම තෙල් තොගය ගෙන්වා ඇත්තේ 2009 වසරේදී වන අතර එම තෙල් ආනයනය කළ නිලධාරියාට මේවන විට කනිජ තෙල් සංස්ථාවෙන් උසස්වීමක් ලැබී ඇතැයි ද පැවසේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka