gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදීන්ටත් රජයේ මුදල් අවභාවිතයට චෝදනා !

රජයේ රැකියාවල නියෙලෙමින් නිදහස් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ සියලුම අයට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම යටතේ නඩු පැවරීමේ හැකියාවක් ඇති බව හෙළිව තිබේ.

එසේම, එවන් රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ආයතන තුළ රදවාගත්, කර්තෘවරුන්, අධ්‍යක්ෂවරුන් හා මාධ්‍ය හිමිකරුවන්ට ද රාජ්‍ය මුදල්
අවභාවිතාව යටතේ නඩු පැවරිය හැකි බව පැවසේ.

හැටන් මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ මහතා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව කරන ලද ඉල්ලීමකින් පසුව මෙය කරළියට පැමිණ තිබේ.

මේ අනුව, මධ්‍යම පළාත් එක්සත් වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය හා දකුණු හා උතුරු මැද පළාත් මාධ්‍ය සංගම් එක්ව මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කොට ඒ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ නම් අදාළ ආයතවට පැමිණිලි කිරීමට සැරසෙන බව වාර්තා වේ.

මධ්‍යම පළාතේ ගුරුවන් විශාල ප්‍රමාණයක් පුද්ගලික හා රජයේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන බව හෙළිව ඇති අතර ඔවුන් රාජකාරී වේලාවන් තුළද මාධ්‍ය කටයුතු ආවරණය කිරීම සිදු කරන බව හෙළිව ඇතැයි පැවසේ.

අදාළ කන්ඩායම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොමඟ යවමින් මාධ්‍ය හැඳුනුම්පත් ද ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ ඔවුන් සේවය කරනු ලබන ආයතනවල ප්‍රධානීන්ද බියවද්දාගෙන මොවුන් මාධ්‍ය ආයතන සඳහා පුවත් සැපයීම සිදු කර ඇති බවද වාර්තා වේ.

හැටන් මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ මහතා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව කරන ලද ඉල්ලීමට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය එවන ලද ප්‍රතිචාර ලිපිය පහත දැක්වේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka