gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙවැනි විස්සයි20 තරගයත් ශ්‍රී ලංකාව පරදියි

ශ්‍රී ලංකාව එරෙහිව පැවති තුන්වන හා අවසන් පන්දුවාර 20 යි 20 තරගය ලකුණු 36 කින් ජය ගැනීමට පාකිස්ථානය අද සමත්විය.

තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි.

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා නායක තිසර
පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෆකර් සමාන් සමගින් උමර් අමීන් පිටියට පිවිසියහ.

පාකිස්ථාන පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 57 කට සීමා කරමින් ෆකර් සමාන් ලකුණු 31 කට දැවී ගියේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ශොයිබ් මලික් ලකුණු සංඛ්‍යාව 51 ක්
රැස් කළේ ය.

ඒ අනුව පාකිස්ථාන නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව180 කි.

ලකුණු 181 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලු තුන ලකුණු 21 කට සීමා කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රීඩකයින් තිදෙනෙකුටම ලකුණු 10 යේ සීමාව පසුකිරීමට සමත්වුනේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් දසුන් ශානක රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් රැස් කරගත හැකිවූයේ ලකුණු 144 ක් පමණි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka