gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුමින්දට බැන්න ග්‍රාම නිලධාරිට මාරුවක්‌

තමුසේ කවුද මට උපදෙස්‌ දෙන්න "තමුසේ කෘෂිකර්ම ඇමැතිනේ" යනුවෙන් කෘෂිකර්ම ඇමැතිවරයාට දුරකථනයෙන් බැණ වැදුණු බව කියන ග්‍රාම නිලධාරිවරයා මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරු කරන ලෙස ස්‌වදේශ කටයුතු
අමාත්‍යාංශය අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්. එම්. වන්නිනායක මහතාට දන්වා තිබේ.

 කැකිරාව ඔලුකරඳ පිහිටි සමාජ සේවා ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා එම ස්‌ථානයේ පවත්වාගෙන ගිය කාර්යාලයෙන් ඉවත්වෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් මෙම ග්‍රාම නිලධාරිවරයාට උපදෙස්‌ දුන් අවස්‌ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාට මෙලෙස දුර කථනයෙන් බැණ වැදුණු බවට ඔහු චෝදනා ලැබ තිබුණි.

 තමන්ට තෙවරක්‌ම මෙම ග්‍රාම නිලධාරිවරයා බැණ වැදුණු බව පසුගිය දා අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රසිද්ධියේම පැවසීය.

 චෝදනා ලැබ සිටින ග්‍රාම නිලධාරිවරයා මේ වන විට අංක 627 මරදන්කඩවල පාර ග්‍රාම නිලධාරි කොට්‌ඨාසයේ රාජකාරියේ නිරතව සිටී. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පැමිණිල්ල මත මේ වන විට අදාළ ග්‍රාම නිලධාරිවරයාට විරුද්ධව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස්‌ මත අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයෙන් මූලික විමර්ශනයක්‌ අරඹා තිබේ.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29 දා) දුරකථනයෙන් අනුරාධපුර දිසාපති සහ දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්. එම්. වන්නිනායක මහතාගෙන් කළ විමසුමේදී අදාළ ග්‍රාම නිලධාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරු කරන ලෙසට ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උපදෙස්‌ ලැබී ඇතැයි තහවුරු කළේය.

 නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka