gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොස්ගොඩ ඝාතනය ලොකූගේ වැඩක් !

කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (29) සිදු වූ ඝාතනය කොස්ගොඩ ලොකූ නැමැත්තාගේ කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන්නට ඇති බවට මේවන පොලිසිය සැක පලකර තිබේ.

පසුගිය මැයි 08 වැනිදා වැලිපැන්නේදී ඝාතනය වූ පාතාල සාමාජික කොස්ගොඩ සුජී නැමැත්තා ඝාතනයේ පලියක් ලෙස මෙම ඝාතන රැල්ල
ක්‍රියාත්මක වී ඇති බව පැවසේ.

යතුරුපැදි දෙකකින් පැමිණි පාතාල කල්ලි සාමාජිකයන් සිවුදෙනෙකු විසින් මේ ඝාතන සිදුකර තිබූ අතර සිද්ධියෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන 50 හැවිරිදි ජයමුණි මහින්ද රාජා ද සොයිසා මතා ඇතුළු සිවුදෙනෙකු මියගියේය.

මෙසේ මිය ගිය අය අතර මන්ත්‍රීවරයාගේ පුතුන් දෙදෙනෙකු ද වෙති. ඒ ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (21) ජගමුණි දුමිඳු විශ්මික ද සොයිසා (13) යන දෙදෙනාය.

මේ අතර කොස්ගොඩ මැණික් ගම්මානය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ උක්වත්ත ආරච්චිගේ කපිලරත්න පෙරේරා නැමැති 39 හැවිරිදි අයෙක්ද එම කල්ලිය විසින් ඝාතනය කර තිබිණි.

අදාළ සිවුදෙනාම මියගොස් සිටියේ කිලෝමීටර් 5ක් ඇතුළත නිවාස තුනකදීය.

එක් වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවකු බරපතල තුවාල ලැබූ අතර ඔහු කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කපිලරත්න නැමැත්තා වසර 4ක පමණ කාලයක් මරණ තර්ජන හේතුවෙන් සැඟව සිට ඇති අතර ඔහු සිය නිවසට පැමිණ ඇත්තේ පසුගිය 19 වැනිදාය.

ඔහුගේ නිවසට පැමිණි සන්නද්ධ කලිලිය කපිල රත්නට වෙඩි තැබා නැවත යනගමනේදී අහසටද වෙඩි තබා ඇතැයි වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka