gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදමුලනේ තිදෙනෙක් අකුණුසැර වැදී මරුට

වීරකැටිය, මැදමුලන වෙල්යායක් මධ්‍යයේ පිහිටි කමතක වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද දහවල් අකුණුසැර වැදී මියගොස් ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැද්දෑවේ පදිංචිව සිටි එක් දරු පියෙකු වූ අසේල සම්පත් බාලගමගේ, ගල්පොත්තයාය
මුල්ගිරිගල ගෙදර පදිංචිව සිටි 64 වියේ පසු වූ දෙදරු පියෙකු වන විජේතුංග අබේපිටියගේ ඩේවිඩ් සහ කුඩාබිබුල මැදකොරටුවේ පදිංචිව සිටි 64 වියැති එක් දරු පියෙකුවූ හේවා නැදුන් ගොඩගේ සිරිසේන යන අය බව හඳුනාගෙන තිබේ.

මිය ගිය තිදෙනා ඊයේ(29) උදේ එම ස්ථානයට ට්‍රැක්ටර් රථයකින් වී ගෙනවිත් වේලමින් සිට ඇත. දහවල් 12ට පමණ හදිසියේම වර්ෂාවක් පතිත වී ඇති අතර වී වේලමින් සිටි තිදෙනා වේලමින් සිටි වී තොගය වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට ඇසුරුම් කරමින් සිටිය දී අකුණු සැර වැදී ඇතැයි පොලිසිය පවසයි.

පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා මිය ගිය අයගේ සිරුරු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට අද සවස රැගෙන යනු ලැබීය.

මෙම ස්ථානය පසුගිය කාලයේ සැහැල්ලු ගුවන්යානා ගොඩබාන ස්ථානයක් වශයෙන් ද භාවිත කර ඇත.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka