gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලය බෙදීමට ඒකාබද්ධ විපක්‍ෂය එකඟයි - වාසු

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සහිත ඒකීය රාජ්‍යයක්‌ යටතේ බලය බෙදීමට සමාජවාදී ජනතා පෙරමුණ සම්පූර්ණ පක්‍ෂපාතීත්වය දක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.

සමාජවාදී ජනතා පෙරමුණ දරන මෙම ස්‌ථාවරයේම ඒකාබද්ධ විපක්‍ෂයත් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 ව්‍යවස්‌ථා අතුරු වාර්තාවේ ඇතුළත් ඇතැම් යෝජනා රටේ ඒකීය භාවයට
හා භෞමික අඛණ්‌ඩතාවයට පටහැනි බවත් ඒ හේතුවෙන් රටේ ඒකීය භාවය බිඳ වැටෙයි කියා අපට තේරුම් ගොස්‌ ඇති බැවින් අතුරු කමිටු යෝජනාවලට එකහෙළාම විරුද්ධ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 ඒකීය රාජ්‍යයක්‌ තුළ එක්‌ එක්‌ ජන කණ්‌ඩායම්වලට තමන් කැමැති ආකාරයට පාලනය කිරීමට ඉඩක්‌ නැති බව පැවැසූ වාසුදේව නානායක්‌කාර මහතා දෙමළ සන්ධානය පැත්තෙන් වෙනම පාලනයක්‌ වෙනම නිජ බිමක්‌ ඉදිරිපත් කිරීම රටේ එක්‌සත් භාවය ඇති කිරීමට විශාල ගැටලුවක්‌ බවත් පැවැසීය.

 ඒකීය රාජ්‍ය ව්‍යqහය තුළ මධ්‍ය පර්යන්ත සම්බන්ධතා පිළිබඳ ඇතිවන ගැටලු සාකච්ඡාවට සර්වපාක්‍ෂික කමිටුවක්‌ ඇති කළ යුතු බවත්, එමගින් ගැටලු විස¹ ගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

- දිවයින




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka