gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ අලුත්කඩේ උසාවිය ඉදිරියට 'අඩ නිරුවත් මිනිසෙකු ගෙනා' පොත - (PHOTOS)

ඊයේ (23) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී  දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ නිහඬ විරෝධයක් අතර ඊට සහභාගී වූ අයෙක් අඩ නිරුවතින් පොතක් ද අතැතිව සිය විරෝධය පළ කිරීම පිළිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමු වුණා.

එම පොත 'බිඳුණු තල් රුක’යි.

 රාජිණී තිරාණගම ,රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ. ශ්‍රීධරන්  වැනි
පිරිසක් මෙම  කෘතියේ  කතුවරුන් වනවා.

”කවදා හෝ දවසක තුවක්කුවක් විසින් මාව නිහඬ බවට පත් කරනු ඇත. නමුත් එ් තුවක්කුව අන්‍ය පුද්ගලයෙකු විසින් ක‍්‍රියාත්මක කරන එකක් නොවිය හැකිය. මගේ ඉතිහාසයම බෙදා හදා ගන්නාවූත් මේ සමාජයෙහිම වාසය කරන්නාවූත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වැඞී උපත ලැබූ පුත‍්‍රයෙකු විසින් ක‍්‍රියාත්මක කරන ලද තුවක්කුවක් වනු ඇත එය”.

මේ ප්‍රකාශය අප අසා ඇත්තේ මෙරට සිංහල සමාජය තුළට 'බිඳුණ තල්රුක' කෘතිය තුළින් ප‍්‍රවේශ වූ රාජිණී තිරාණගමගෙනි.


මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ නිදහස් මතධාරිනියක වූ  රාජිනී තිරාණගම 1989 සැප්තැම්බර් මාසයේ විසි එක් වෙනි දින යාපනයේ දී වෙඩි තබා මරා දමනු ලැබුවා.

යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යා අංශයේ එවකට ප‍්‍රධානියා ද වූ ඇය මරා දැමුණේ එල්ටීටීඊ තුවක්කුකරුවන් විසින් වන අතර ඊට හේතුවූයේ වෙනස් මතයක් දැරීම  අපරාධයක් සේ සැළකූ බැවිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka