gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැන් 38 යි - 08 වැනි වියේ සිට මව සොයන දියණිය - (photos)

තම සැබෑ මව සොයා ගැනීමේ අරමුණෙන් වසර ගණනාවක් තිස්සේ දැඩි වෙහෙසක් දරණ දියණියක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි ඇය බත්තරමුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඇය සඳහන් කළේ සිය මව සොයා ගැනීමට උදවු කරන ලෙසයි.

ඇය නමින් රෙබෙකා තලයිනි පරරාජසිංහම්. මේ වන විට 38 වැනි සියේ
පසුවන ඇයද දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය ඉපදී ඇත්තේ 1979 වසරේදීයි. ඒ කොළඹ සොයිසා කාන්තා රෝහලේදීයි.  පසුව ඇය මාස 03ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව හිඳ ඇති අතර එහිදී දරුවන් අහිමි ශ්‍රී ලාංකික ද්‍රවිඩ යුවලක් වන සෙල්වරාජම් සහ ලීලාවතී විසින් ඇයව හදාවඩාගෙන තිබෙනවා.

ඇයගේ නීත්‍යානුකූල අයිතිය 1979 වසරේදී කොළඹ පවුල් අධිකරණයේ තීන්දුවකට අනුව එම ද්‍රවිඩ යුවලට හිමිවී තිබෙනවා. ඉන් අනතුරුව එම යුවල විසින් දැරිය රැගෙන එංගලන්තය බලා ගොස් තිබෙනවා.

රෙබෙකා සඳහන් කරන්නේ පිට රට ජීවත් වෙන බොහෝ ශ්‍රී ලාංකික දරුදැරියන් පසු කාලීනව යළි පැමිණ සිය සැබෑ දෙමව්පියන් සොයා ගන්නා බවත් තමාද ඒ සිහිනය දුටුවේ 08 හැවිරිදි වියේදී බවයි.

මේ වන විට රෙබෙකා බ්‍රිතාන්‍ය සමාගමක ජීව විද්‍යාඥවරියක ලෙස සේවය කරනවා.

ඇයගේ මව පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0719408866 යන දුරකතන අංකයට හෝ එන්. වීරසිංහ, අංක 155, ඉහළ බෝමිරිය, කඩුවෙල යන ලිපිනයට තොරතුරු දන්වන ලෙසයි ඉල්ලා සිටින්නේ.

ඇයගේ සැබෑ මවගේ ඥාතියෙකුට එවකට අයත් බව කියන මෝටර් රථයක ඡායාරූපයක්ද මෙහි වනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka