gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ටිකට සියදිවි නසා ගැනීම් 1597 යි

පවුල් ආරවුල්, ප්‍රේම සම්බන්ධ, අධ්‍යාපන ගැටලු හා නිදන්ගත රෝග යන හේතු කාරණා නිසා මේ වසරේ මුල් සයමස තුළ පුද්ගලයන් 1597ක් සියදිවි හානිකරගෙන් ඇති බව පොලිසිය කියයි.

සියදිවි නහගත් අය අතරින් පිරිමි පුද්ගලයින් 1275ක්, කාන්තාවන් 322ක්
සිටින බවද පැවසේ.

ඒ අතරින් සියදිවි හානිකරගත් අය වයස අවුරුදු 26 - 30 අතර පසුවූ තරුණ තරුණියන් බවද වාර්තා වේ.

අදාළ වයස් සීමාවේ සියදිවි නහගත් අය 159 දෙනෙකු සිටින බවත්, දෙවැනි වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන්නේ වයස අවුරුදු 71 වැඩි අයගෙන් බවත්, එසේ මියගිය ගණන 150ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුගිය වසරේ (2016) සිය දිවි නසාගත් ගණන 3025ක් බවත්, ඒ අතරින් 2339ක්ම පිරිමි පුද්ගලයන් බවත් පැවසේ. එම වසරේ සියදිවි නසාගත් කාන්තාවන් ගණන 686කි.

ආදර සම්බන්ධතා නිසා දිවි නහගත් ගණන

වසර        ගැහැණු      පිරිමි
2016        120           152
2015        85             144
2014        89             182



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka