gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'වල් රා' නිෂ්පාදනය වැළැක්වීමට අවධානය

පොල් රා කර්මාන්තයේ නිරත ඇතැම් පිරිස් ස්වභාවික පොල් රා වලට සිනි, ඊස්ට් හා ඇමෝනියා එක්කරමින් 'වල් රා'  නිපදවන බවට ලැබී ඇති තොරතුරු මත සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අනුව  රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින්, කිතුල් ගස් හැර
රා මැදීමට යොදා ගනු ලබන පොල් හා තල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට විධිවිධාන යෙදීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර‘යේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වර්තමානයේදී කිතුල්, තල් හා පොල් යන ගස්වලින් රා මැදීමට හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතු නොවේ.

ඒ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්, බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමේ ගැටලු මතුවී ඇති බවත් එය කෘත්‍රිම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදනය ඉහළ යාමට ද හේතුවක් වී ඇති නිසා මෙම පියවර ගැනීමට නියමිතය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka