gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදර්ශන ගුණවර්ධන වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සභාපති  සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබේ.

සුදර්ශන ගුණවර්ධන මහතාගේ පත්වීම ඊයේ (10) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබිණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ රංග කලන්සූරිය
මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ තනතුරෙහි වැඩ බැලීමට මෙසේ සුදර්ශන ගුණවර්ධන මහතාව පත් කර ඇත.

ලංකාවේ ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකු වූ සුදර්ශන ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව වැඩසටහන් අන්තර්ගතයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට උත්සාහ ගනිමින් සිටියි. ගුවන් විදුලිය සම්පත් දායකයන්ගේ රේඩියෝවක් බවට පත්කරමින් එහි ග්‍රාහක සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් වැඩි කරගැනීමට පසුගිය මාස කිහිපය තුළ ඔහු සමත් විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka