gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි

සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් (25) ඇගේ සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය බිරියගේ වෙනත් ප්‍රේම සම්බන්ධයක් හසුවීම නිසා සැමියා විසින් එසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති අතර ඇගේ පෙම්වතා බව කියන ශ්‍රී ලාංකිකයෙක් ද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාල ලබා
රෝහල් ගත කරනු ලැබ සිටී. මිය ගිය කාන්තාවගේ සැමියා වන තවත් ශ්‍රී ලාංකිකයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

ඇසිඞ් ප්‍රහාරයෙන් පසු ඇතිවූ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති අතර මෙම ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා සාජා හි ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි පැවැසේ. මේ සම්බන්ධව පොලිස් පරික්ෂණ සිදු කෙරෙන අතර 30 හැවිරිදි සැකකරු මේ වනවිට බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

මිය ගිය කාන්තාවගේ සිරුර මෙරටට එවීම සඳහා අවශ්‍ය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදුකරනු ලබයි.

- විනිතා ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka