gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රා මදින්නෝ ස්ට්‍රයික් කරයි !

ගම්පහ හා පුත්තලම ප්‍රදේශයන්හි රා මදින්නන් වර්ජනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

ඒ රා මැදීමේ පිළිවෙත නීතිවිරෝධී බව පවසමින් නව සුරාබදු කොමසාරිස්වරිය විසින් නව නීති පැණවීම නිසාය.

මැද ගනු ලබන රා නුවරවළිය හා යාපනය ප්‍රදේශවල රා පානය
කරන්නන්ට හා ස්කාගාරවලට අරක්කු සෑදීමට සපයනු ලබයි.

අදාළ අවශතා සඳහා රා සැපයීමේදී ඉබැලිඕමීටරයට (ebulliometer) අනුව රාවල ඇති ඇල්කොහොල් ප්‍රතිශතය 7.5ක් විය යුතු වේ.

කෙසේවුවද, අදාළ ප්‍රතිශතය දක්වා රාවල ඇති ඇල්කොහොල් ප්‍රතිශතය වැඩිකර ගැනීමට රා මදින්නන් විසින් වසර තිහක පමණ සිට වෙනත් ක්‍රම යොදාගනු ලබයි.

නව නීතිවලට අනුව රා වල ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි කිරීමට අදාළ ක්‍රම යෙදීම තහනම් කර තිබේ.

රා මදින්නන් සිය විරෝධය දක්වා ඇත්තේ අදාළ තීන්දුවටය.

සහයට දේශපාලඥයෝ කොළඹට 

රා මදින්නන් විසින් අදාළ වර්ජනය ආරම්භ කිරීමත් සමඟ ගම්පහ හා වයඹ ප්‍රදේශයේ රජයට සම්බන්ධ දේශපාලඥයන් විශාල පිරිසක් දේශපාලන නායකයන් සමඟ කොළඹට පැමිණ සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka