gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රේම සම්බන්ධයට හරස් වූ පියාව මරා පොළොව යට වැළලූ නරුම පුතා

පෙම් සබඳතාවයකට එරෙහි වූ හෙයින් වාද්දුව ප්‍රදේශයේ පුතෙකු, සිය පියා මරා දමා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව මාවලකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවරුදු 60 හැවිරිදි පුද්ගලයෙක්.

මීට වසර 8කට පෙර අදාල සැකකරු ඔහුගේ මිතුරෙකු සමඟ එක්වී පියා
ඝාතනය කර සිරුර හොර රහසේ වාද්දුව මොරොන්තුඩුව කන්දකඩේ සුසාන භූමියේ සොහොන් ගැබක් තුළට දමා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙසේ පියා මරා දමා පසුව තම පියා  අතුරුදන් බව පවසමින් පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති බවද හෙළි වී තිබෙනවා.

පුතා වන හමුදා සෙබලෙකු හා මිතුරා වන වඩු කාර්මිකයෙකු වූ මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා අදාල සිරුර අද(03) ගොඩගැනීමට නියමිතයි.

මරා දමා ඇත්තේ වාද්දුව - මාවලකුරුන්ද පදිංචිව සිටි 60 හැවිරිදි 5 දරු පියෙක්.

පියා අතුරුදන් වූ බවට පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත්තේ පියා මරා දැමු පුතා විසින් ම බවට වාද්දුව පොලිස් ස්ථානාධිපති අජිත් පිටිගලට තොරතුරක් ලැබීමෙන් පසු හමුදා සෙබල පුතා පළමුව අත්අඩංගුවට ගැනුනා.

පෙම් සබඳතාවකට එරෙහි වීම නිසා පියා නිවසේ තනිව සිටින අවස්ථාවක පියාගේ මුහුණ වැසෙන සේ කොට්ටයකින් තදකර හුස්ම හිරකර පියා ඝාතනය කළ බවටයි මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇතැයි සඳහන්.

පසුව එදින රාත්‍රී යහලුවෙකුට මත්පැන් බොන්නට දී ඔහුට අයත් ත්‍රි රෝද රථයෙන් පියාගේ සිරුර අසල කනත්තට රැගෙන ගොස් සොහොන් ගැබක කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කර ඒ වල තුලට පුතා, පියාගේ මළ සිරුර දමා තිබෙනවා.

සැකකාර සෙබල පුත්‍රයා පොලිසියට පවසා ඇති පරිදි මල සිරුරට හිස පෙදෙසින් පොහොර උරයක්ද, පාද පෙදෙසින් පොහොර උරයක්ද බස්සවා තිබෙනවා.

මෙලෙස පුතා විසින් අමානුෂිකව තම පියා මරාදමන්නේ ඔහුගේ මව මියගොස් මාස කිහිපයකට පසුවයි.

එම පුතා හා පියා පමණක් ඉන්පසු නිවසේ ජිවත් වී තිබෙනවා.

පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සැකකරුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් හා සොහොයුරෙක් ද බාල සොහොයුරිය ද සිටිනවා.

පියා මරා මාස කිහිපයකට පසු සැකකරු විවාහ වී ඇති අතර ඔහුට ද දැන් දරුවන් තුන් දෙනෙකු සිටිනවා.

පියා දැමු බව කියන වල ඇති සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදා තිබෙන බව අප වර්තාකරු කියා සිටියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka