gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිපයට අලුත් සංවිධායකවරු 9ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනෙකු පත් කර තිබේ.

කොළඹ, අම්පාර, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 සඳහා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු පත් කර ඇති
බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ අතින් සිය පත්වීම් ලිපි භාරගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා නලීන් ගුණසේකර මහතා, අම්පාර දිස්ත්‍රික්කය සඳහා මීරා ලෙබ්බේ රෙබුපාසාමි මහතා, නවනීදරාජා මහතා, අයි.එච්.අබ්දුල් වහබ් මහතා, ටී.රෆයිඩීන් මහතා සහ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශය සඳහා ආරියරත්න විජේවික්‍රම මහතාත් පත් කර ඇති බව සඳහන්ය.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කය සඳහා ප්‍රනීත් පද්මතිලක මහතා, මාතලේ දිස්ත්‍රික්කය සඳහා සුජීව ගොඩලියද්ද මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා එම්.එච්.එම්.සකරියා මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka