gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්සට ප්‍රබල ක්‍රීඩකයන් 3 ක් අහිමිවෙයි ?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකුට එක්වීමට නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව එම තරඟයට එක්වීමට නොහැකි එක් ක්‍රීඩකයෙක් වන
ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න මෙතෙක් පුහුණුවීම් සඳහා එක්වී නොමැති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

එසේම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක මැතිස්ව්ස් මීට පෙර ආබාධයකට ලක්වූ අතර ඔහුද එළඹෙන විස්සයි විස්ස තරඟය සඳහා සහභාගී වීමට නොහැකි තත්වයක පසුවන බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

භෞතචිකිත්සකවරයා විසින් සම්පුර්ණයෙන් අබාධය සුව වන තුරු ක්‍රීඩා නොකරන ලෙසට මැතිව්ස් වෙත උපදෙස් ලබාදී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර විස්සයි විස්ස තරඟය සඳහා එක්වීම අවිනිශ්චිත තත්වයේ පසුවන අනෙක් ක්‍රීඩකයා වන්නේ කුසල් ජනිත්.

කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් ඔහුද මේ වනවිට දීර්ඝ කාලයක් ක්‍රීඩා නොකල අතර ඔහු මෙම තරඟයට එක්කර ගැනීමට විශේෂ උත්සහයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

ඒ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක තරඟයට එක්නොවීම හේතුවෙන් පුරප්පාඩු වන ආරම්භක පිතිකරුගේ ස්ථානය සඳහායි.

මේ අතර පාකිස්ථානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වනු ඇති බවට තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසනවා.

පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ලසිත් මාලිංග නම් කර තිබුණේ නැහැ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka