gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව පළමු එක්දින තරගය පරදියි !

පාකිස්තානයෙන් එල්ල වූ ලකුණු 293ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට  නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 209ක් පමණි.

ඒ අනුව පාකිස්තායට පළමු එක්දින තරගයෙන් ලකුණු 83ක පහසු ජයක් හිමිවිය.

ඉන්දිය කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගාවලියේදී 5-0 ක පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගටම ලද 8 වැනි එක්දින පරාජය මෙයයි.


පාකිස්තානය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 292ක් රැස්කළේය.

පන්දු 128 කදී සිය හයවැනි එක්දින ශතකය ලබාගත් බාබර් අසාම් (103) පාකිස්තානය දැවැන්ත ලකුණු ප්‍රමාණයකට රැගෙනයාමට මූලිකයා විය.

දැවීයාමට පෙර ඔහු මුහුණ දුන් පන්දු 131 කට හතරේ පහර පහක් ඇතුළත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු තිරිමාන්න (53) හා අකිල ධනංජය (50) අර්ධ ශතක රැස්කළහ.

ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka