gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිලියන 4012 ක් සොයන්න ගිණුම් පරික්ෂාවට

ජනාධිපතිවරණයට සතියකට පෙරදී මාතර නිල්වලා සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් කැමි නමැති චීන ජාතික සමාගමකට අවස්ථා හතරකදි රුපියල් මිලියන 4012 ක් ලබා දීමට කටයුතු කළ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මුල්‍ය අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී ඇත.

මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපත් කළ බි වාර්තාවට අනුව ඔක්තෝම්බර් 12 වැනිදා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී ඇති අතර දැනට නවසීලන්තයේ වෙසැතැයි කියන අයිවන් සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර දීම ඔක්තෝම්බර් 16 වැනිදා දක්වා කල් තබා තිබේ.

 ඉකුත් ජනාධිපතිවරණයට සතිකට ඉහත සිව් වතාවකදී කැමි නැමැති චීන සමාගමක වාරි මාර්ග අමාත්‍යාංශය ලේකම්වරයා ලබා දී ඇති මුදල්, කැමි සමාගම විසින් රෙඩ්රූත් නැමැති අක්වෙරළ සමාගමකට නිදහස් කර ඇති බව ද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මීට පෙර ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

රාවය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka