gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ හර්තාල් කළත් ඔවුන් නිදහස් කරන්නේ නෑ

දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකළත් බරපතළ වැරදිවලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බියගම ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත නොමිලේ ඉගෙනුම් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට  සහභාගිවෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්  ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් උතුරේ හර්තාලයක් දියත් කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ  ජනජීවිත අඩාල කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

දේශපාලන වාසි අපේක්ෂාවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් බන්ධනාගාර ගත කර සිටින මෙම පිරිස දේශපාලන සිරකරුවන් ලෙස සඳහන් කළද ඔවුන් එවැන් පිරිසක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, යුද සමයේ එම පුද්ගලයන් බරපතල අපරාධ වලට සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළේ.  එවැනි පිරිස් අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කළ නොහැකි බව ද පැවසීය.

අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් පවතී නම් එය කාර්යක්ෂම කරමින් රටේ පවතින නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කිරීම  හෝ සැකකරුවන් නිදහස් කිරීම කළයුතු බව පෙන්වාදුන්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සැබෑ තත්වය තේරුම් නොගනිමින් උතුරේ සිදුකරන හර්තාල් සහ විරෝධතාවයන් පිටුපස දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ මහජන නියෝජිතයින් පිරිසක් ක්‍රියාත්මක වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka