gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව රෝසපැහැ පන්දුව අද අතට ගනී!

ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ඉතිහාසයේ සහභාගි වන පළමු දිවා රාත‍්‍රී ටෙස්ට් තරගය ඩුබායි ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වනවා. ඒ, පාකිස්ථානයට එරෙහිවයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ තරගය ආරම්භ වනවා.

මෙරට ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය වසර 35ක්. මෙම තරගය සඳහා
භාවිත කරන්නේ රෝස පැහැති පන්දුවක්. පළමු දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එන්ගලන්තය අතර 2015 වසරේදීය. මේවනවිට දිවා රාත්‍රී ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර පාකිස්ථානයට එම අත්දැකීම් මීට පෙර හිමිව තිබෙනවා.

පාකිස්ථානය මේ වනවිට දිවා රාත්‍රී ටෙස්ට් තරග 2කට සහභාගීව තිබෙනවා. පාකිස්ථානය අද තරගය පැවැත්වෙන ඩුබායි ක්‍රීඩාංගනයේදී දිවාරාත්‍රී ටෙස්ට් ජයක් වාර්තාකොට තිබීමද විශේෂත්වයක්. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

මේවනවිට දිවාරාත්‍රී තරගයන්ට සහභාගීව ඇති කණ්ඩායම් වන්නේ එන්ගලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරග අත්දැකීම ලබන හත්වන කණ්ඩායම වනවා.

දිනේෂ් චන්දිමාල් මෙම ඓතිහාසික තරගයට නායකත්වය දෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka