gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව පරිගණක අපරාධ පාතාල මධ්‍යස්ථානයක් !

පරිගණක අපාරාධ පාතලය සිය මධ්‍යස්ථානයක් ලෙස ලංකාව යොදාගන්නේද යන්න පිළිබඳව මේවන විට ජාත්‍යන්තර පොලිසියේ සැකටය භාජනය වී ඇතැයි වාර්තා වේ.

තායිවානයේ, තායිපේහි පිහිටි ෆා ඊස්ටර්න් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම් තුළට පරිගණක වෛරසයක් යවා පරිගණක හැකර්වරුන් විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන හැටක් සොරකම් කිරීමේ ජාත්‍යන්තර මාෆියාවකට ශ්‍රී ලංකාවේ නම ගෑවීමත් මීට පෙර බංග්ලාදේශ බැංකු පද්ධතියට ඇතුළු වූ හැකර්කරුවන් විසින් ලබාගත් මුදලින් කොටසක් ලංකාවේ සාලිකා පදනමට බැරවීමත් මේ සැකයට හේතුවී තිබේ.

ලංකාව පරිගණක අපරාධ පාතාලයේ කළු සල්ලි සුදු කිරීමට ලංකාව යොදාගන්නේද යන්න පිළිබඳව සැක මතුව ඇති බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම පසුගිය කාලයේදී ගුවන් තොටෙදී මුදල් රැගෙනයාමට උත්සාහ දැරූ කණ්ඩායම් කිහිපයක් මුදල් සමඟ කොටුවීමත් මේ සැකය තවත් තීවුරවීමට හේතුවී ඇත.

ලංකාවේ බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් වංචාවන් සිදුකළ රැමේනියානු ජාතිකයන් කොටුවීමත්, නජීරියානු ජාතිකයන් පිරිසක් ලංකාවේ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ ජාවාරම් සිදු කිරීමත් යන කාරණා හේතුවෙන් අදාළ සැකයන් මතුව ඇතැයි පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka