gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි

අයිවරි කෝස්ට් රාජ්‍යයේ අගනගරය වූ අබිජාන් හි ගුවන්තොටුපොළින් පිටත්වූ ගුවන් යානයක් මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

මෙම ගුවන් අනතුරින් හතර දෙනෙකු මරණයට පත් වී තවත් හය දෙනෙකු තුවාල ලබා ඇත. මිය ගිය හතර දෙනාම මෝල්ඩෝවියානු ජාතිකයන් වෙති.

තුවාල ලබා ඇති පිරිසෙන් හතර දෙනෙකු ප්‍රංශ ජාතිකයන් වන අතර දෙදෙනෙකු මෝල්ඩෝවියානු ජාතිකයන් බව වාර්තා වෙයි.

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ යානය අනතුරට පත්වන මොහොතේ දස දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවය.

මෙය ජිහාඩ්වාදී කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ප්‍රංශ හමුදාවට භාණ්ඩ ප්‍රවාහන කෙරෙන ගුවන් යානයකි.

ප්‍රංශ හමුදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා ඇත්තේ අනතුරට පත් මෙය යුක්රේනයේ නිෂ්පාදිත 'ටර්බෝප්‍රොප් ඇන්ටනොව්' යානයක් බවය.

ධාරානිපාත වර්ෂාව පවතිද්දී මෙම ගුවන් යානය මුහුදට කඩා වැටී ඇත්තේ ගුවන්ගත කිරීමෙන් මද වේලාවකට පසුව ය.

ගුවන් යානයේ සුන්බුන් වෙරළට ගසා ගෙන විත් තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka