gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනේ ලොරියක් කණපිට ගහලා !

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කුරුදුපිටිය ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් අද(15) අලූයම 3.30 ට පමණ බෝක්කුවකින් පෙරළි සිදුවු අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා  ඇති බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.

ඊරට්ටපෙරියකුලම පොලිසිය පැවසූවේ කොළඹ සිට වවුනියාව දක්වා කුළුබඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් එලෙස පෙරළි ගොස් ඇති බවයි.

ලොරි රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය බෝක්කුවේ පැති බැම්ම කඩාගෙන ගොස් බෝක්කු ඇළට වැටීමෙන් අනතුරුව, අනෙක් පසට පෙරළී ඇති බවද පොලිසිය පැවසීය.


පොලිසිය පැවසූවේ අනතුරින් ලොරි රථයේ රියදුරු හා රිය සහයක තුවාල ලබා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka