gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරු පාසල් අධීක්ෂණයට

රථවාහන පුහුණු පාසල්වලින් රියැදුරන් පුහුණු කරනු ලබන පූර්ණ කාල සීමාව පැය 5කටත් අඩු කාලයක් වන අතර, එය දිවයින පුරා සිදුවන රථවාහන අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියයි.

රථවාහන පුහුණු ආයතනවලින් රියැදුරන්ට නිසි පුහුණුවක් ලබා නොදීම නිසා ඉදිරියේදී සියලුම රථවාහන පුහුණු පාසල් විශේෂ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට කටයුතු යොදනු ලබන බව ද ඒ මහතා කීය.

ඒ සඳහා රජයේ අවධානය යොමු කර ඇතැයිද ඉදිරියේදී ඒ සඳහා පත්
කරනු ලබන කමිටුවකින් රියැදුරු පුහුණු පාසල් පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතුව ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

රියැදුරු පරීක්ෂණ විභාගයට ලබා දෙන ප්‍රශ්න 40න් 30කට පිළිතුරු සැපයුවහොත් විභාගය සමත් ලෙස සැලකුවත් බොහෝ දෙනා පිළිතුරු සැපයීමට අපොහොසත්ව ඇත්තේ මාර්ග නීති රීති හා සංඥා සම්බන්ධ ප්‍රශ්නවලට බවත් මාර්ගයේ ධාවනය වන වාහන සඳහා අතවශ්‍ය වන්නේ එයම බවත් ඒ මහතා කීවේය.

මේ වසරේ පළමු මාස 9 තුළ පමණක් රියැදුරු බලපත්‍ර 484167ක් නිකුත් කර අැති අතර එයින් බොහොමයක් යතුරු පැදි සඳහා වන බවත් මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් පමණක් යතුරු පැදි අනතුරු නිසා 1392ක් මියගොස් ඇත




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka