gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන ආයතන රැසක හවුල් ආණ්ඩු !

අලුතෙන් සම්මත කරන ලද මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීම, අදාළ පළාත් පාලන ආයතනලට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව යම් තනි පක්ෂයක් විසින් පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරනු ලැබුවද, පක්ෂ කිහිපයක හෝ ස්වාධීන කණ්ඩායම්වල සහායෙන් වෙනත් පක්ෂයකට පළාත් පාලන ආයතනයේ බලය හිමිකර ගැනීමේ අවස්ථාව මෙමගින් හිමිවනු ඇතැයි වාර්තා වේ.

යම් තනි පක්ෂයක් අදාළ පළාත් පාලන ආයතනයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය දිනා ගත්තද, ඊළඟට වැඩිම
මන්ත්‍රී සංඛ්‍යාව දිනා ගන්නා පක්ෂ දෙකට ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාව තනි පක්ෂයක් විසින් දිනාගන්නා ලද මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි වන්නේ නම්, එම පක්ෂ දෙකට එක් වී සභාවෙන් බලය හිමිකර ගැනීමේ හැකියාව නව සංශෝධන මගින් ලැබී ඇතැයි අනාවරණය වෙයි.

පෙර පැවැති මැතිවරණ ක්‍රමය අනුව, අදාළ පළාත් පාලන ආයතනයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව දිනාගන්නා තනි පක්ෂයට හෝ ස්වාධින කණ්ඩායමකට පළාත් පාලන ආයතනයේ බලය හිමිවිය.


එය වෙනස් වී නව ක්‍රමය හඳුන්වා දීම නිසා ඉදිරියේදී පළාත් පාලන ආයතනවලදී බලය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ කේවල සහ මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට නියමිත මේ මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට අතිබහුතරයක් ලබා ගැනීමට හැකියාව නොලැබෙනු ඇති බවයි.

එම නිසා අනිවාර්යයෙන්ම හවුල් පක්ෂ සමඟ එක්ව බලය පිහිටුවීමට සිදු වනු ඇති බවත්, එම නිසා මේ ක්‍රමය දිගට පවත්වාගෙන යාමේ ගැටලූවක් මතු වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට මේ පළාත් පාලන මැතිවරණයේ දී සාපේක්ෂව යම් ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණ ද, එය බහුතරයක් නොවනු ඇති බව ද පැවසූ ඇමැතිවරයා, එම නිසා අස්ථාවර තත්ත්වයක් යටතේ බලය පිහිටුවීමට සිදු වන බව ද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka