gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දයට පොහොට්ටුවෙන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලාංඡනයෙන් තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,
ලංකා සම සමාජ පක්ෂය, ටී.එම්.වී.පී. පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමට නියමිතය.

මේ වන විට ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී අදාළ පක්ෂවල නියෝජිතයන්ට ලැබෙන කෝටා පිළිබඳව සාකච්ඡා සිදු කෙරෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ කෝටා ක්‍රමය මේ සතියේ:

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන කෝටා ප්‍රමාණය මේ සතිය අග වනවිට ප්‍රකාශයට පත් කරන බව සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂක ලැයිස්තු මේ වන විට සකස් කර අවසන් වී ඇති අතර ඒ සඳහා පක්ෂයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවසිය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka