gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිලන් රථය මග නවතා කට්ටිය අයිස්ක්‍රීම් කාලා

යාපනයේ සිට වවුනියාව දක්වා හදිසි රෝගියකු රැගෙන එන ලද ගිලන් රථයක කාර්ය මණ්ඩලය පසුගිය සිකුරාදා (13) ගිලන් රථය අතරමග ස්ථානයක නවතා අයිස් ක්‍රීම් කමින් විනෝද වූ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් උතුරේ ස්වෙච්ඡා සංවිධානයක් උතුරු පළාත් සෙඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය ලෙසින් හදුන්වා ඇති එම
සංවිධානය කියා සිටින්නේ මෙම සිද්ධිය පමණක් නොව උතුරේ බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩලය රෝගීන් සමග මත්පැන් පානයටද හුරුවී ඇති බවයි. රෝගීන් විසින් එම සේවකයන්ට විවිධ ආහාර පාන හා මත්පැන් සපයා දෙමින් රාත්‍රි කාලයට රෝහල් තුළ සාදා පවත්වන බවටද ඡායාරූප සහිතව පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

චෝදනාවලින් වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ වවුනියාව හා යාපනය මහ රෝහලේ කාර්ය මණ්ඩලයට එරෙහිව බවද උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය පැවැසීය. මීට පෙර තම සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කෙරෙහි උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය සිය කනගාටුවද ප්‍රකාශ කොට තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka